මානසික සෞඛ්‍යය වර්ධනයට භාවනාව Meditation | How to practice mindfulness
මානසික සෞඛ්‍යයට ඉතාමත් යෝග්‍ය මෙන්ම අතිශය වැදගත් දෙයක් ලෙස භාවනාව දැක්විය හැකියි.මෙය ඔබේ මනස සැහැල්ලු කරනවා පමණක් නොව ඔබ තුළ සතුට ද නිරායාසයෙන්ම වර්ධනය කරවයි.කලබල බව ,පීඩාකාරී ස්වභාවය ,ගැටුම් සහිත ස්වභාවය ,මනස තුළ ඇති අවුල්සහගත බව යනාදී බොහෝමයක් ගැටලුවලට භාවනාව මඟින් විසඳුම් ගෙනෙයි.එනිසාම මෙය ඔබ පුහුණු කළ යුතුම දෙයකි.කාලයක් තිස්සේ පුහුණු කිරීම තුළින් භාවනාව ජීවිතයට පුරුද්දක් බවට නිරායාසයෙන්ම පත්වේවි.
- භාවනාව පුහුණු කළ යුත්තේ ඇයි -
දෛනිකව භාවනාව පුහුණු කිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන රැසකි.ඒවා පුද්ගල ජීවිතයේ සාර්ථකත්වය සමඟ සෘජුවම බැඳී පවතියි.
• මනසට දැනෙන පීඩාකාරී ආතතිය සමනය කරයි.
• ඔබ අධ්‍යාපන කටයුතු කරන අයෙක් නම් සිහිකල්පනාව මනාව අවදි කරයි.
• වයස ඉලක්කමක් පමණි.එනිසාම වයස කොතෙක් වුවත් බාහිරව ඔබ ඉතාමත් ප්‍රසන්න අයෙක් බවට පත්වෙයි.
• මනස ක්‍රමයෙන් සැහැල්ලු බවට පත්වීම නිසා ඔබ තුළ නව අදහස් ,නිර්මාණශීලී අදහස් වර්ධනය වේ.
• වැඩිහිටි අයෙක් නම් වයස්ගත වීම සමඟ දැනෙන තනිකම ,සාංකාව වැනි තත්ත්වයන්ට භාවනාව හොඳ පිළියමකි.ප්‍රතිකාරයකි.
• විවිධ ඇබ්බැහිවීම්වලට තිත තැබිය හැකිය.එනම් මත්පැන් ,මත්ද්‍රව්‍ය වැනි ඇබ්බැහිවීම්වලට තිත තැබිය හැකිය.
• ගැටුම්කාරී බව පහව යයි.
• අපේක්ෂා භංගත්වය වැනි තත්ත්වයන් පහව යයි.
• සතුටින් සිටීමට සහ ගුණාත්මක සබඳතා පවත්වාගැනීමට භාවනාව උපකාරී වේ.
මීට අමතරව භාවනාව මඟින් ලැබෙන වාසි සහ ප්‍රයෝජන රැසකි.ඔබ ක්‍රමයෙන් භාවනාවට යොමුවීම තුළින් ඒවා පිළිබඳව ඔබටම අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ.
- සරල ආරම්භයක් -
පැය ගාණක් සිරුරට අපහසුතා දැනෙන තුරු භාවනාවේ යෙදීමක් පිළිබඳව කිසිසේත්ම අවධාරණය නොකරයි.මෙය ඉතාමත් සරලවම ආරම්භ කළ යුතු දෙයකි.එනම් මනස සැහැල්ලු කරන භාවනාව ඔබට අනවශ්‍ය බරක් ,පීඩනයක් නොවිය යුතුය.
• ඇස් ,උරහිස් ,අත් ඉතාමත් සැහැල්ලු කරගැනීමට කටයුතු කරන්න.ඔබට පහසු නිදහස් ස්ථානයක් මෙම භාවනාව වෙනුවෙන් ඔබට වෙන් කරගත හැකිය.
• ඔබට ඉතාමත් පහසු ආකාරයට වාඩිවෙන්න.අවශ්‍ය සහ වැදගත් වන්නේ ඔබේ පහසුවයි.මනසට දැනෙන නිදහස් බවයි.
• ආරම්භයේ පටන් පැය ගාණක් භාවනාව පුහුණු කිරීම තරම් නොවන නිසා ඔබට මේ වෙනුවෙන් දිනකට මිනිත්තු පහක් දහයක් වෙන්කළ හැකිය.ක්‍රමානුකූලව එය වැඩිකරන්න උත්සාහ ගන්න.
• ඔබේ අවධානය කැඩෙන සියලු බාධාවන්ගෙන් දුරස්වීමට ද අමතක නොකරන්න.
• මාංශ පේශි ලිහිල් කරමින් ඉතාමත් ගැඹුරු හුස්මක් ගැනීම සහ හුස්ම පිටකිරීම සිහියෙන් යුතුව සිදුකරන්න.ඕනෑම යමක සිහියෙන් නිරතවීම වඩාත් වැදගත් වේ.
ඔබේ ජීවිතය තුළ පැහැදිලි සැබෑ වෙනසක ආරම්භයක් ලෙස මෙම සරල පටන්ගැනීම දැක්විය හැකිය.භාවනාව තුළින් ඔබ ලබන වැදගත්ම දෙය නම් මානසික නිදහසයි.මානසික සැහැල්ලුවයි.දෛනිකව ඔබට මෙය නොකඩවා කළ හැකියි නම් ඔබ අපේක්ෂා කරනවාට වඩා වැඩි ප්‍රතිඵල ඔබට භාවනාව තුළින් ලැබිය හැකිය.වඩාත් වැදගත් වන්නේ සිහියෙන් යුතුව පහසුවෙන් ක්‍රියාත්මක වීමයි.හුස්ම ගැනීම හුස්ම පිට කිරීම සිහියෙන් යුතුව කළ යුතුය.මේ සරල උත්සාහයන් ඔබට සැබෑ වෙනසක් ගෙනෙන බව විශ්වාසයි.
LEAVE A REPLY